මත්ද්‍රව්‍ය උදුරා ගත් ජීවිත සුවපත් කරන්නෙ කොහොමද?
ලෝකයේ අනෙක් රටවල වගේම අපේ රටේත් සෞඛ්‍ය ක්ෂේත්‍රය යහපත් මට්ටමක පවතිනවා. ඒ අනුව බොහොමයක් රෝගාබාධ සඳහා ඖෂධ තිබෙනවා. ශාරීරික හෝ මානසික වේවා, ඕනෑම අසනීපයක් නූතන වෛද්‍ය විද්‍යාවේදී රෝගයක් ලෙසයි හැඳින්වෙන්නේ. මත්පැන් ඇබ්බැහිය පවා අද පිළිගැනෙන්නේ රෝගයක් විදියටයි. ඔවුන්ට මෙන්ම දුම්පානය සහ බුලත් කෑම නතර කර ගැනීමටත් වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා.
මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයා සමාජයට 'බේබද්දෙක්' වුවත්, ප්‍රතිකාර සඳහා පැමිණි විට ඔහු රෝගියෙක්. නමුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය සමාජය ඉදිරියේ සදාකාලිකවම 'කුඩ්ඩෝ'. මත්පැන් වගේම මත්ද්‍රව්‍ය ඇබ්බැහියත් රෝගයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා පිළිගෙන තිබෙනවා. එබැවින් ඔවුහුද රෝගීහුම වෙති.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ දරුණු හැසිරීම් නිසා සමාජයෙන් ඔවුන්ට ලැබෙන්නේ අවමානය සහ ද්වේෂය පමණයි. නමුත් සුදුසු ඖෂධ මේ රටේ ලියාපදිංචි කර නිසි වෛද්‍ය ක්‍රමවේදයකට ලබා දෙන්නේ නම්, මේ අයගෙන් අවම වශයෙන් 30%ක් වත් ඉන් මුදාගත හැකියි. ලෝකයෙ වෙනත් රටවල මෙම රෝගීන් සඳහා වෙනම වෛද්‍ය සායන පැවැත්වෙනවා. නමුත් අපේ රටේ එවැනි නිසි ක්‍රමවේදයක් නැහැ. මත්ද්‍රව්‍ය නැති විට දැනෙන ශාරීරික වේදනාවන් සමනය කර ගැනීමට ඔවුන් භාවිත කරන ඖෂධවලට පවා සමාජීය පිළිගැනීමක් නැහැ; සමාජය ඒවා හඳුන්වන්නේ 'මත්පෙති' කියායි. ඇත්තටම ඒවා වෙනත් රෝග සඳහා ද නිර්දේශ කරන වේදනා නාශකයි. විශේෂයෙන් තදබල කැක්කුම් සඳහා නිර්දේශ කරන ඖෂධ යි. මත්ද්‍රව්‍ය නොමැති විට ඇති වන දරුණු ශාරීරික වේදනාව සමනය කර ගැනීමට ඔවුන් මේවා වැරදි ලෙස භාවිත කරනවා එනම්, එකිනෙකා අතර බෙදා ගැනීම, වැඩි මුදලට එකිනෙකාට විකිණීම වැනි වැරදි ක්‍රියාවන් කරනවා. නමුත් මේ ඖෂධ වලින් වේදනාව අඩු වූ පසු යළිත් මොළයෙන් මත්ද්‍රව්‍ය ඉල්ලා සිටිනවා. මේ රෝගී තත්ත්වය නතර කිරීමට නම් ලොව දියුණු රටවල භාවිත කරන විශේෂිත ඖෂධ එනම් Methadine සහ Buprenorphine යන ඖෂධ අපට අවශ්‍යම බව මනෝ වෛද්‍ය විශේඥයින් පෙන්වා දෙනවා. නමුත්
අවාසනාවකට, සාමාන්‍ය ජන සමාජය මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද මෙය රෝගයක් සේ පිළිගැනීමට තවමත් මැලි කමක් දක්වනවා. මනෝ වෛද්‍ය විශේඥයින් පෙන්වා දෙන්නේ මේ අය ගෙන් බොහෝ දෙනා අධික්‍රියාශීලී අවධාන ඌණතාවයෙන් පෙළෙන අය බවයි.
ඔවුන් වැරදිකරුවන් ලෙස නොව රෝගීන් ලෙස සලකා සුවපත් කළ හොත්, මත්ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම අඩු වී, කාලයාගේ ඇවෑමෙන් එහි සැපයුම ද ඉබේම නැති වී යනු ඇත.
ඔවුන් "කුඩ්ඩන්" නොව, රෝගීන් ය. සමාජය පිළිගත්තත් නැතත් මනෝ විද්‍යාත්මක යථාර්ථය එයයි.
ඔබේ අදහස කමෙන්ට් කරන්න.

0 Comments
No comments yet. Be the first to comment!